මාස්ටර් ගයිඩ් 3 ශ්‍රේණිය පරිසරය
රු325.00
- MASTER GUIDE GRADE 3 ENVIRONMENTAL
(PARISARAYA) Sinhala Medium - 2018 නව විෂය නිර්දේශය
Available on backorder
Description
- MASTER GUIDE GRADE 3 ENVIRONMENTAL
(PARISARAYA) Sinhala Medium - 2018 නව විෂය නිර්දේශය
පෙරවදන……
මල් පිපෙන ගස්වැල්, මීදුමෙන් වැසුණු කඳු මුදුන්, සීතල දිය දහරා ගලා යන දිය ඇලි, පිනි වැටුණු තණබිම්වල දුව පනින මුව පැටව් දකින කාගෙත් නෙත් සිත් පැහැර ගන්නවා.ඒ වගේ සුන්දර දේවල් පිරුණු රටක ජීවත් වෙන්න ලැබුණු අපි වාසනාවන්තයෝ.
ඒත් දුවේ පුතේ, අපි ඒ ලස්සන පරිසරය ආදරයෙන් රැක බලා ගත්තොත් විතරයි ඔයාලගෙන් පස්සෙ එන පුංචි දූ පුතුන්ටත් ඒ පරිසරය දකින්න පුළුවන්කම ලැබෙන්නෙ. ඉතිං ඒ වගේ පරිසරයට ආදරය කරන දරු පිරිසක් ලක් මෑණියන් වෙනුවෙන් දායාද කරන්න තමයි 2018 වර්ෂයේ 3 ශ්‍රේණිය පරිසරය නව විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නෙ.
පාඩම් මාතෘකා 16ක් ආවරණය කර තිබෙන නව නිර්දේශය වඩාත් ආශාවෙන්, සතුටින් ඉගෙන ගන්නට හැකි ලෙස මාස්ටර් ගයිඩ් 3 ශ්‍රේණිය පරිසරය ප්රකාශනය කර තිබෙනවා. වසර ගණනාවක් පුංචි දූ පුතුන් සමඟ ම බැඳී සිටින ප්‍රවීණ ගුරුතුමියක වන චින්තා සංජීවි මදුරප්පෙරුම මහත්මිය ඉමහත් වෙහෙසක් දරමිනුයි මේ පොත පුංචි දූ පුතුන් හමුවට ගෙනෙන්නෙ.
එතුමියට මගේත්, පුංචි ඔයාලගෙත් ස්තූතිය අපි පිරිනමමු. ඒ වගේ ම දුවේ පුතේ, මේ ලස්සන වටිනා පොතෙන් උපරිම ප්‍රයෝජන අරන් විෂයට ඔබ ලබා ගන්නා ලකුණු වැඩි කරගන්නටත්, පරිසරයට ඇත්කට ම ආදරය කරන දරු දැරියන් පිරිසක් වන්නටත් උත්සාහවන්ත වන්න. ඒක තමයි මේ පොත ඔයාලා අතට පත් කරලා අපි ලබන ලොකු ම සතුට.ඉතිං අවසාන වශයෙන් පුංචි ඔයාලා හැමෝට ම සුබ පැතුම් එක් කරමින් මම නවතිනවා.ඔයාලාට සුබ අනාගතයක්!
පටුන
- අපේ යහ පැවැත්ම
- අපි ලක්වැසියෝ
- පැළෑටි හා ගස්වැල්
- අප අවට සත්තු
- අප පරිහරණය කරන දේ
- අපේ ආහාර
- ආරක්ෂාට හා පරෙස්සම
- ජලය
- ගමනාගමනය
- ගෙවත්ත
- වැඩ පහසු කිරීමේ මං
- මිනිස් හැසිරීම්
- පොළොව හා අහස
- අපට කළ හැකි වෙනස්කම්
- මිනිසා හා තොරතුරු
- අපේ අතීත ව්ත්ති
පිළිතුරු
මේ පොත රචනා කළ මා ,
චින්තා සංජීවි මදුරප්පෙරුම
ශාස්ත්‍රවේදී උපාධි, අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කොළඹ විශ්වවිද්‍යාලය)
අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා
විශේෂ ප්‍රාථමික පුහුණු
Brand
Master Guide

Additional information
Weight | 0.350 kg |
---|
Reviews
There are no reviews yet.